චන්ද්‍රප්‍රේම මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ප්‍රශ්න කරමින් The Island සහ දිවයින පුවත්පත්වල ලිපි පළ කළේය. ඒවාට විශිෂ්ට පිළිතුරු ද
ලැබුනේ ය. එකක් මෙරට සිටින කීර්තිමත්
මහාචාර්යවරයෙකු වන අමල් කුමාරගේ මහතාගෙනි. තවෙකක් කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ
කථිකාචාර්යවරයෙකු වන චින්තක රණසිංහ මහතාගෙනි. අප දන්නා තරමින් චන්ද්‍රප්‍රේම මහතා
මේ එකකටවත් ප්‍රතිඋත්තර දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඒ පිළිතුරු ගැන කිසිවක් ම නො දන්නා අකාරයෙන් යළිත් වරක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහි ව වෙනස් ම
චෝදනාවලියක් ඉදිරිපත් කොට තිබේ. සාමාන්‍යයෙන් යම් විෂයයක් පිළිබඳ ව තමන්ගේ ම වූ
තහවුරු කළ හැකි ස්ථාවරයක් සහිත ව,
බැරෑරුම් සංවාදයකට එළඹෙන්නෙක් වඩාත් ම ප්‍රීතියට පත් වන්නේ තමා ඉදිරිපත්
කරන කරුණු කාරණාවලට හෝ තර්ක විතර්කවලට හෝ ප්‍රතිපාර්ශ්වීය ව කරුණු කාරණා හා තර්ක ඉදිරිපත් වන විට ය. මක්නිසාද යත් එය
තමාගේ මතය වඩා විස්තාරිතවත් ප්‍රබලවත් සනාථ කිරීමට මහඟු අවස්ථාවක් උදාකරදෙන
බැවිනි. එහෙත් චන්ද්‍රප්‍රේම මහතාට එවැනි මතයක් හෝ ස්ථාවරයක් නැති නිසා ඔහු තමන්ට
ලැබෙන පිළිතුරු ගැන සැලකිලිමත් නැත.
අනෙක් අතට මාලින්ද සෙනෙවිරත්න මහතා ආරම්භයේ සිට ම විශ්වවිද්‍යාල
ආචාර්යවරුන් තමා සමග සටනට කැඳවූයේ සිංහ වෙසක් ගනිමිනි. ඔහු විශ්වවිද්‍යාල
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ අන්තර්ජාලයේ කොමෙන්ටු
හුවමාරුවක දී ඒ ආචාර්යවරුන්ට උපදෙස් දුන්නේ ආවේගශීලී නො වී, හැඟීම්වලට වහල් නො වී
තර්කානුකූල ව සංවාදයේ යෙදෙන ලෙස ය. එහෙත් මාලින්ද මහතා අනුන්ට දෙන උපදෙස් තමන්
පිළිපදින බවට සහතිකයක් ඔහුගේ ලිපිවලින් නම් කිසි විටෙකත් ලැබෙන්නේ නැත. විශේෂයෙන්
ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිළිබඳ ව ඔහු විසින් ලියන ලද මෑත ම ලිපිය (True academics are honest, humble and hard-working) නම් සාක්‍ෂි දරන්නේ මාලින්ද මහතා කෙතරම් ඉක්මනින් සුනඛ වේශයකට
රූපාන්තරණය වී ඇද්ද යන්න යි.
මෑතක් වනතුරු ම බොහෝ දෙනා අතර පැවති මිත්‍යාවක් වූයේ මහින්ද
ආගියකතාසුන්දර සහ හඩ්ඩා වැනි අයත් චන්ද්‍රප්‍රේම සහ මාලින්ද සෙනෙවිරත්න වැනි අයත්
අතර වෙනසක් ඇති බවයි. චන්ද්‍රප්‍රේම සහ මාලින්ද වැනි අය වඩා “බුද්ධිමත්”
,“විශ්ලේෂණාත්මක” හා “තර්කානුකුල”
පුද්ගලයන් බව ද, කඩේ ගියත් ක්‍රමේකට කඩේ යාම හෙවත් හඩ්ඩලා මෙන් රෙදි නැති ව කඩේ
යාමට තරම් තත්වයකට ඔවුන් කිසිදා නොවැටෙනු ඇති බව ද බොහෝ දෙනා විශ්වාස කළහ. විශ්වවිද්‍යාල ආචාර්ය
සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නිසා ඇතිවූ බොහොමයක් යහපත් ප්‍රතිඵල
අතරින් එකක් වන්නේ මේ බොරුව අනාවරණය වීම ය. ඇත්ත ම තත්වය නම්, මේ වන විට ඔවුන්
විසින් හොඳින් ම පෙන්නුම් කර ඇති පරිදි ආගියසුන්දරලාට සහ හඩ්ඩලාට වඩා චන්ද්‍රප්‍රේමලා
සහ මාලින්දලා නිර්ලජ්ජී පුද්ගලයන් බවයි; ඔවුන්ට වඩා දස දහස් ගණනක් භයානක සහ
විසකුරු පුද්ගලයන් බවයි. එක් අතකින් ගත්විට ආගියසුන්දරලා සහ හඩ්ඩලා අහිංසක සුන්දර
මිනිසුන් ය. මන්ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන රාජකාරියක් ලෙස අපට මඩ ගසනවා හැරෙන්නට ඔවුන්ට විශ්වවිද්‍යාල හෝ ඒවායේ
ආචාර්යවරු සමග පෞද්ගලික කෝන්තර ඇත්තේ නැත. අතීත හිතේ අමාරු ද නැත. කොන්ත්‍රාත්තු
ද්වේශය මිස ඇඟ ඇතුළෙන් ම එන ද්වේශයක් ද නැත. එනිසා ම කුහකකමක් ද නැත. ඔවුහු
මාලින්දලා සහ චන්ද්‍රප්‍රේමලා මෙන් වචන හරඹ කරමින් ඇත්ත නැත්ත කිරීමේත්, නැත්ත
ඇත්ත කිරීමේත් කලාවේ කෙළපැමිණියෝ නොවෙති.
එහෙත් චන්ද්‍රප්‍රේම සහ මාලින්ද මහත්වරුන්ගේ තත්වය මීට
හාත්පසින්ම වෙනස් ය. දැන් ඔවුන් සිය ලිපිවලින් පෙන්නුම් කරනුයේ මෙතෙක් ඔවුන්ගේ
ලිපි සරසා තිබූ ව්‍යාජ-සාටෝප-බුද්ධිමය හා තර්කානුකූලභාවය සම්පූර්ණයෙන් ම ඉවත හෙළා
අතට හසුවන ඕනෑම දෙයකින් ගසා දැමීමේ උමතු හැසිරීමකි. කවුරු හෝ ලවා කෙසේ හෝ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙළ සිඳලීමේ උමතු ආශාවක් ඔවුන්ගේ ලිපිවලින් දැන්
එළියට පැන තිබේ. මෙය හුදෙක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට වැඩි දෙයකි.
ආගියසුන්දරට හෝ හඩ්ඩාට නැති තමන්ගේ ම න්‍යාය පත්‍රයක් ද මොවුන්ට තිබේ. ඔවුන් හරියට ම හැසිරෙන්නේ “ගෝටාට
ලනුවක් දීල හරි මුන්ට කෙලවලා ම දාන්න ඕනෑ” වැනි උමතු වෛරයකින් බව පැහැදිලි ය.
මෙය නිකම්ම හිතට ආ සිතුවිල්ලක් නො වේ. බලන්න ඔවුන්ගේ ලිපි දෙස.
අගෝස්තු විසිවෙනි සඳුදා “වම් ඉවුර” (අපි සියලු දෙනා ම කලින් කලට අපගේ අදහස් වෙනස්
කරමු. අපගේ ජීවන අත්දැකීම්, නව ඥාන කලාපවලට විවරවීම, සහ වෙනස් සංස්කෘතීන්වලට
විවරවීම වැනි බොහෝ කාරණා මේ සඳහා හේතු කාරක වෙයි.
ඒ අනුව ගත් විට යම් මිනිසෙකුගෙන් ‘ඔබ ඒ දිනවල කියූ කතා නෙවෙයි නේද දැන්
කියන්නේ?’ යනුවෙන් ඇසීම අසාධාරණ ප්‍රශ්නයකි. මන්ද වෙනස්වීම මනුෂ්‍යයාගේ ආවේණික ගති
ලක්ෂණයක් වන නිසා ය. ඇත්තට ම එය නරක ගති ලක්ෂණයක් නො ව වැදගත්, යහපත් ගති
ලක්ෂණයකි. එහෙත් තක්කඩිකමට අදහස් වෙනස් කිරීම ඊට සම්පූර්ණයෙන් ම වෙනස් දෙයකි. අඩු ම
ගණනේ තමන් තවදුරටත් වම් ඉවුරේ නැති බව පිළිගෙන “දකුණු ඉවුර” හෝ ඊටත් වඩා ගැළපෙන
නමක් තමන්ගේ කොලමට යොදා ගැනීම කෙරෙහි චන්ද්‍රප්‍රේම මහතාගේ අවධානය යොමු වන්නේ නම්
මැනවි.) විශේෂාංගයට ඔහු ලියූ කොලමෙහි
මාතෘකාව වන්නේ “විදේශීය මුදල් ලබන වෘත්තීය සමිති” යන්න යි. ඒ මාතෘකාව දකින කිසිවෙකුත් එය විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ අරගලයට මෙලෝ සම්බන්ධයක් ඇති දෙයක් යයි සිතන්නේ නැත. එහෙත් පළමු
වචනයේ සිට අවසන් වචනය දක්වා චන්ද්‍රප්‍රේම මහතා ලියා ඇත්තේ විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ අරගලය පරාජය කිරීමේ නොව තලා පොඩිපට්ටම් කිරීමේ දුෂ්ට අභිප්‍රායෙනි. කොහෙන්දෝ
සොයාගත් පාවාදෙන්නන් දෙදෙනෙකුගේ තොරතුරු උපුටා දක්වමින් ආචාර්ය සමිති සම්මේලනයේ
වෘත්තීය සමිති අරගලයට අවලාද නගන චන්ද්‍රප්‍රේම මහතා වඩාත් වෛරී සහගත ප්‍රහාරයට
එළඹෙන්නේ එහි දෙවැනි කොටසේ දී ය. ඒ පිළිබද ව සාකච්ඡා කිරීමට පෙර මුල් කොටස පිළිබඳව
ද යමක් කිව යුතු ය.
මීට කලින් මගේ බ්ලොග් සටහන්කින් ද දැක්වූ පරිදි අජිත්
දිසානායකලා කිවූ බොරු දැන් අතේ පත්තු වී හමාර ය. අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල
වසාදැමීමට ගත් තීරණයෙන් ඔහු ම පිළිගෙන ඇත්තේ මේ වර්ජනය නිසා විශ්වවිද්‍යාල අකර්මණ්‍ය
වී ඇති බවයි. එයින් ඇඟවුම් කෙරෙන්නේ අජිත් දිසානායක වැනි ආත්මාර්ථය වෙනුවෙන් අම්මා
අප්පා වුවත් පාවා දෙන එකෙකු දෙන්නෙකු හැරෙන්නට අති බහුතරයක් විශ්වවිද්‍යාල
ආචාර්යවරු ආචාර්ය සමිති සම්මේලනයේ නිවැරදි හා නොසැලෙන අභීත නායකත්වය යටතේ මේ
වෘත්තීය ක්‍රියා මාර්ගයට එක් ව සිටින බවයි. එය
කිසිසේත් ම චන්ද්‍රප්‍රේමගේ පළමු වාක්‍යයෙන් ම කියවෙන ආකාරයෙන් “අයාලේ” යන
අරගලයක් නො වේ. එය නිශ්චිත ඉලක්ක සහ නිශ්චිත වැඩපිළිවෙලක් සහිත ව, නිවැරදි
නායකත්වයක් යටතේ ඉදිරියට ඇදෙන්නකි. අජිත් දිසානායක වැඩ වැරිය නො හැකියයි ලිපි පවා
ලබා දී වැඩකරගෙන යන දෙපාර්තෙමේන්තු හා අංශ
(දෙපාර්තමේන්තු හා අංශ ? ) ගණනාවක ම නම් ද සඳහන් කළ බව චන්ද්‍රප්‍රේම කියයි. ඉතින්
මෙහෙම “ගණනාවක් ම” වැඩ කරගෙන යනවා නම් විශ්වවිද්‍යාල වසා දැමුවේ ඇයි?
මේ අජිත් දිසානායක කිවූ තොරතුරු මත පදනම් ව චන්ද්‍රප්‍රේම කියන
දේවල් ය. අජිත් දිසානායක ගැන ද මේ වෙලාවේ ම යමක් කිව යුතුය. අජිත් දිසානායක යනු
කවුද? කන්න ඕනෑ උනාම කබරගොයාත් තලගොයා වනවා කියන්නේ මේවාට ය. මේ අර චන්ද්‍රප්‍රේමලා,
මාලින්දලා කියන ආකාරයේ ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකාදිය පළ කොට දේශදේශාන්තරයේ
ආර්ථිකවිද්‍යාඥයෙකු ලෙස පතළ කීර්තියක් ඇති පුද්ගලයෙක් ද? මාලින්ද මහතාගේ ම
වචනවලින් කියනවා නම් “honest,
humble and hard-working true academic”
කෙනෙක් ද? “උඩ බලාගෙන කෙළ ගසන්නට එපා” යයි අපේ පාරම්පරික දැණුම අපට කියා දී ඇති බව
ඇත්ත ය. එහෙත් අපිට මේවා කියන්නට සිදුවන්නේ මාලින්දලාට අපට ඇඟිල්ල දිගු කරන්නට
පුළුවන් වී ඇත්තේ අජිත් දිසානායකලා වැනි අතලොස්සක් නිසා වන බැවිනි. විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ අඩු පාඩු, නුසුදුසුකම් ගැන ප්‍රකම්පිත හදින් යුතු ව පත්තර පිටු
පුරවන මහත්වරු ම, එබඳු පුද්ගලයෙක් සඳහා වන හොඳ ම ජීවමාන උදාහරණයක් සමග එකට ලගිති. එසේ
ලගින්නේ ඇත්තට ම එවැනි සුදුසුකම් සහිත බහුතරයක් ආචාර්යවරුන්ට එරෙහි ව ය. එහි
පුදුමයක් නැත්තේ මේ මහත්වරුන්ට “කෙසේ හෝ මුන්ට කෙලවනවා” යන අරමුණට එහා ගිය ගැඹුරු
අරමුණක් නැති බැවිනි.
චන්ද්‍රප්‍රේමගේ ඊළඟ සම්පත් පුද්ගලයා කැලණිය විශ්වවිද්‍යාලයේ ම
ක්ෂුද්‍රජීවවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී මහේන්ද්‍ර ගුණවර්ධන මහතා ය. ඇත්ත ම
කියන්නේ නම් ඒ මහතා පිළිබඳ ව මා දන්නේ නැත. එහෙත් එතුමා විසින් චන්ද්‍රප්‍රේම
මහතාට ලබාදුන්නේ යැයි කියන ලිපියෙහි ඇති කරුණු අනුව නම් එතුමා එතරම් අවංක මනුෂ්‍යයෙකු බව පෙනෙන්නේ නැත.
උදාහරණයකට චන්ද්‍රප්‍රේම මහතාගේ මුල් ලිපියක ද උලුප්පා දක්වා තිබූ අචාර්යවරුන්ගේ ළමයින්
සඳහා පාසල් ගාස්තු ගෙවීම පිළිබඳ කාරණය FUTA ඉල්ලීමක් නො වන බවත්, එය
ආචාර්යවරුන් සඳහා විශේෂ සේවාවක් ඇතිකිරීමේ දී සලකා බැලීම සඳහා, රජයේ
පාර්ශ්වයන්ගේ ඉල්ලීම පිට, ඉන්දියානු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එරට
ආචාර්යවරුන් සඳහා සම්මත කොට ඇති ලියවිල්ලක් ගුරුකොටගෙන, ඉදිරිපත් කළ දළ කෙටුම්පතක
සඳහන් වන දෙයක් බවත්, මේ වන විට ඕනෑවටත් වඩා පැහැදිලි කොට තිබේ. චන්ද්‍රප්‍රේම මේ
කිසිවක් නො දන්නා සේ නැවත වරක් ක්ෂුද්‍රජීව අධ්‍යයනාංශ ප්‍රධානියාගේ කර පිට තබාගෙන
ඒ බොරුව ම ගෙන එයි. ක්ෂුද්‍රජීව අධ්‍යයනාංශ
ප්‍රධානියා ද තොත්ත බබෙකු විය නො හැකි ය. ඔහු සිතන ආකාරයෙන් මෙය “දුෂ්ට” යෝජනාවකි.
හාස්‍යය නම් එය පරාජය කිරීම සඳහා ඔහු ජයග්‍රහණය කරවීමට උත්සාහ කරන්නේ මෙරට සමාජ සාධාරණත්වයේ පදනම වන
නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ වැඩපිළිවෙල
යි. අපේ ජාතික උරුමයක් වන නිදහස් අධ්‍යාපනය විනාශකිරීම පිළිබඳ ව අබමල් රේණුවක
සංවේදීභාවයක් නැති පුද්ගලයෙක් හෘද ශාක්ෂිය ගැන කතා කිරීම මට නම් තේරුම් ගත නො හැකි
ය.
එසේ ම එතුමා “ඉලක්කම් පිළිබඳ මෝඩ තර්කවලට සූදානම් නැති බවත්”, 6%
යෝජනාව හෙළා දකින බවත්, අපේ අධ්‍යාපනයේ තත්ත්වය හොඳ බවත් සිය ලිපියෙහි සඳහන් කොට
ඇතැයි චන්ද්‍රප්‍රේම මහතා කියයි. මේවාට දීර්ඝ වශයෙන් උත්තර දීමේ තේරුමක් නැත්තේ
අවශ්‍ය තරම් උත්තර දී තිබෙන නිසා ය. එහෙත් එක දෙයක් කිව යුතු ය. 6% ආචාර්ය සමිති
සම්මේලනයේ ඉල්ලීමක්ය යන්න එක අතකින් වැරදි ය. ඒ වූකලී ශ්‍රී ලංකා රාජ්‍යයේ
පොරොන්දුවකි. ඒ අර්ථයෙන් ගත් විට මෙය පොරොන්දු ඉටු කරන ලෙස කරන ඉල්ලීමකි. අධ්‍යාපනයේ
තත්වයේ හොඳකම ගැන කියන්නට ඈත දුෂ්කර ප්‍රදේශවල පාසැල් ගැනත්, පාසැල් වසා දමා ඇති
ප්‍රමාණය ගැනත් සංඛ්‍යාලේඛන විග්‍රහ වැනි බරපතල දේවල් අවශ්‍ය වන්නේ නැත. ගෝර්කිගේ
කෙටි කතාවක එන දන්කෝ මෙන් ඔබේ ඔය සංවේදී හෘද ශාක්ෂිය අතට ගෙන ඔබ සේවය කරන කැලණිය
සරසවියේ ම ශිෂ්‍ය ආපනශාලා, නේවාසිකාගාර, දේශනශාලා අවට ඇවිද බලන ලෙස ක්ෂුද්‍රජීවවිද්‍යා
අධ්‍යයනාංශ ප්‍රධානතුමාට ආරාධනා කරමි. ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි ගැන කතා කරද්දී
මහා බ්‍රිතාන්‍යය මතක් වන ඔබතුමාට ඒවා දකින විටත් මහා බ්‍රිතාන්‍යය මතක් වේවා යැයි
ප්‍රාර්ථනා කරමි. අවුරුදු පතා එක් සරසවි සිසුවෙක් වෙනුවෙන් වැය කරන මුදල පහළ වැටෙමින්
තිබිය දී, අධ්‍යාපනයේ තත්වය හොඳ යැයි කියන
මෙතුමාගේ හෘද ශාක්ෂිය පිළිබඳ සුරංගනා කතාව අපි කෙසේ නම් විශ්වාස කරමු ද?
දැන් චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ දෙවැනි කොටසට හැරෙමු. මා
මුලින් ද සඳහන් කළ ආකාරයට ද්වේශ සහගත ස්ව-න්‍යායපත්‍රය එලි දකින්නේ මෙහි දී ය.
චන්ද්‍රප්‍රේම මහතා මහා භයානක ප්‍රවණතාවක් නිරීක්ෂණය කොට තිබේ. එනම් මෙරට සමහර
වෘත්තීය සමිතිවලට විදේශ මුදල් ලැබෙන බව යි. ඔහු ඇඟට පතට නොදැනී පාඨකයාගේ ඔලුවට
ඇතුළු කරන්නට යන්නේ ආචාර්ය සමිති සම්මේලනයටත් විදේශ මුදල් ලැබෙනවා යන අදහසයි. අපි
කෙතරම් තාර්කික මිනිසුන් වුවත් සීනිගම දේවාලයට ගොස් මිරිස් අඹරන්නට හිතෙන්නේ මේ
වැනි කතාවලට ය; මාසික වැටුප පවා අහිමි ව, මෙතරම් දුෂ්කරතා විඳිමින්, කරන අරගලයකට
මෙතරම් සාහසික කතා කියන විට ය. චන්ද්‍රප්‍රේමලාගේ සිව්වරම් දෙවිවරුන් වන්නේ JVP, NGO, ඊළාම්වාදී
බෙදුම්වාදීන්, සහ ඊනියා ජාත්‍යන්තර බලවේග යි. රටේ කුමන මනුෂ්‍ය කොටසක් හෝ
වෘත්තිකයන් හෝ සිසුන් හෝ සාධරණ ඉල්ලීමක් කළ විට එක්කෝ එය ජ.වී.පෙ. කුමන්ත්‍රණයකි;
නැත්නම් NGO කාරයන්ගේ
වැඩකි; ඒත් නැත්නම් ඊළාම්වාදීන්ගේ වැඩකි; එසේත් නැත්නම් ජාත්‍යන්තර බලවේගවල
කුමන්ත්‍රණයකි. ඇත්තටම 6% ඉල්ලීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස අර්ථකථනය කිරීමට
චන්ද්‍රප්‍රේම මහතාට මිට වඩා පහසු මගක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය
ඉදිරිපිට ඩෙඟා නැටූ කැබිනට් ඇමතිවරයාගෙන් ඒ සඳහා උපදෙස් ගත හැකි ය.
මෙතකින් නො නවතින චන්ද්‍රප්‍රේම විදේශ සම්පත් නියාමනයේ දැවෙන අවශ්‍යතාව පෙන්වා දෙයි. මෙතෙක් වේලා බ්‍රිතාන්‍යයේ
ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි ආදිය ගැන කියමින් එහි කරක් ගසමින් සිටි චන්ද්‍රප්‍රේමට
දැන් හිටි හැටියේ ඉන්දියාව මතක් වෙයි. (විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා කොන්දේසි
සඳහා ඉන්දියාව ආදර්ශයට ගන්නට හොඳ නැත. එය “දුෂ්ට” වැඩකි! විදේශ සම්පත් නියාමනය
සඳහා ඉන්දියාව ආදර්ශයට ගන්නට හොඳ ය. එවිට එය “ශිෂ්ට” වැඩකි!) ඔහු ලිපිය අවසන්
කරන්නේ විදේශ සම්පත් නියාමන කොමිසමක් පිහිටුවීමට යෝජනා කරමිනි. ඇත්තට ම චන්ද්‍රප්‍රේම
මහතා මේ කියන්නේ කුමක්ද ? බොරු දේශහිතෛෂීභාවයෙන් වසා ගන්නට දඟලන කුහකකමේත්, ද්වේෂයේත්
සෙළුව අපට නම් හොඳින් ම පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත ඇති දිලිසෙන කඩුවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙසට යොමුවී ලෙලදෙමින් තිබෙනු දැකීමේ දුෂ්ට සිහිනයක්
චන්ද්‍රප්‍රේම මහතා දකිමින් සිටී.
දැන් මාලින්ද මහතාගේ ලිපියට හැරෙමු. දීර්ඝ විස්තරයක් නො කරමි.
එහෙත් මාලින්ද මහතාගේ ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයකි. ඔහුට විශ්විද්‍යාල අචාර්යවරුන්
ගැන ලියන්නට පටන් ගත් මොහොතේ සිට එක් එක් මූණු මැවී පෙනේ. ඇත්ත වශයෙන් ම ඔහු
ලියන්නේ ඒ මැවී පෙනෙන මුහුණු කිහිපයට ය.
ඉදිරියට එසේ වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ඉඩ තබා එක් නිරීක්ෂණයක් පමණක්
ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් මිනිසුන් තම ප්‍රතිවාදියාට එරෙහි ව ආයුධ පාවිච්චි
කිරීමේ දී සැලකිලිමත් වෙයි. කලබලය වැඩිවූ විට මේ සැලකිලිමත් බව අතුරුදන් වෙයි. ඒ
මහතාගේ මෑත ම ලිපියේ දී බූමරංගයක් භාවිත කොට තිබේ. කරකැවී විත් තමන්ට ම වැදීමට ඉඩ
තිබේ.
මෙම ලිපිය පිළිබඳ අදහස් පහසුවෙන් පළකිරීමට හැකිවන පරිදි Word verifications ඉවත් කරන මෙන් ඉල්ලන්න කැමතියි!
ReplyDeleteස්තුතියි ප්‍රියන්ත. මම මේ දේට ආධුනිකයි. බලාගෙන ඉන්න බැරි කමට පටන් ගත්තේ. එය ඉවත් කරන්නේ කෙසේද යන්න මට කියාදෙනවා නම් ඔබට පින්.
Deletedone.
Deleteවම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්
ReplyDeleteරුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි
බලන්න https://kathika.wordpress.com/