FUTA අරගලයේ අතුරු මාතෘකාවක් ලෙස “ජනතාව” පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇති බවක් පෙනී යයි. ජනතාව මේ පිළිබඳව
දැනුවත් නැති බවත් ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ
යුතු බවත් ඇතැමෙකුගේ අදහසයි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යවල ප්‍රචාර නිසා ජනතාව නොමග
ගොස් ඇති බව ද, ඔවුන් FUTA අරගලය
පිළිබඳ ව වැරදි අදහසක සිටින බව ද, බොහෝ විට මතුකරනු ලැබ ඇති ප්‍රශ්නයකි. මෙය
තේරුම් ගැනීමේ පහසුව තකා ITN ජනයාගේ ප්‍රශ්නය ලෙස නම් කිරීමට කැමැත්තෙමි.
මගේ අදහස නම් ලංකාවේ ITN නරඹන ජනයා කොටස් දෙකකට වර්ග කළ හැකි බවයි. ඉන් පළමු කොටස නම් ITNප්‍රිය ජනයා ය. ඔවුන් ITN නරඹන්නේ තමන් කැමති දේ එයින් ලැබෙන නිසාය. වෙනත් විදියකින්
කියනවා නම් මේ ජනයා වනාහි බොරුව පතාගෙන සිටින ජනතාවකි. මේ ජනයා කොහොමටත් FUTA අරගලයට තියා ලෝක විනාසයටවත් නොසැලෙන, බොරුවේ ම ඇලී ගැලී සිටීමට
තරයේ අදිටන් කරගත් ජනතාවකි. එනිසා ඔවුන් පිළිබඳව කලබල වීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත.
නලින් ද සිල්වා වැනි සමස්ත බටහිර දැනුම්
පද්ධතියට ම අභියෝග කරන “මහා
පුරුෂයෙකු” පවා පත්ව ඇති ඛේදජනක තත්වය දෙස
බලන විට මේ ජනයා ගැන පුදුමයට පත් වීමට දෙයක් නැත.
ITN නරඹන දෙවැනි ජන පිරිස නම් අනෙකුත් නාලිකාවලට ප්‍රවේශයක් නැති
ජනයා ය. ඔවුන්ට පැහැදිලිව පෙනෙන නාලිකාවකට ඇත්තේ ITN පමණි. ඒ අර්ථයෙන් ගත් විට මේ ජනයා වනාහි ලංකාවේ රුපවාහිනී
විකාශන කලාප ආවරණයේ අසමාන ව්‍යාප්තියෙහි ගොදුරකි.
මේ දෙවන ජන කොටස පිළිබඳ ව කතා කිරීමේදී අවධානය යොමු කළ
යුතු වැදගත් කරුණු දෙකක් තිබේ. පළමුවැන්න සැබවින් ම මෙසේ ITN තනි භුක්තියට සින්න වී ඇති භුමි ප්‍රදේශය ලංකාවේ මුලු වර්ග
කිලෝ මීටර ප්‍රමාණයෙන් කොපමණක්ද? ඒ භූමි ප්‍රදේශයේ ජනගහනය ලංකාවේ සමස්ත ජනගහනයෙන්
කොපමණක්ද? යන්නයි. ගනම් මිනුම් හරියටම
ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතත්, ජනශුන්‍ය ප්‍රදේශ අත හැර ගත් විට එය එතරම් විශාල භුමි ප්‍රදේශයක් නොවන බව නම්
පැහැදිලි ය. අනෙක් අතට ජන ඝනත්වය අතින් පහළ අගයක් ඇති මේ ප්‍රදේශවල ජනගහනය ලංකාවේ
මුලු ජනගහනයෙන් ප්‍රතිශතාත්මක ව ගත් විට නොසැලකිය යුතු තරම් ය.
අනෙක් වැදගත් කරුණ මා මතු කරන්නට යන මූලික අදහසකට සම්බන්ධ
ය. එනම් මේ ප්‍රදේශවලට ITN පමණක් පෙනෙන හේතුව කුමක්ද යන්න යි. වානිජමය රුපවාහිනී
නාලිකා සිය විකාශන කලාප ආවරණයේදී මේ ප්‍රදේශ පිළිබඳව එතරම් සැලකිලිමත් නො දක්වන්නේ
හේතු දෙකක් නිසා ය. පළමුවැන්න මේ ප්‍රදේශවල අඩු ජනගහණය යි. දෙවැන්න තම අනුග්‍රාහක
වෙළඳ සමාගම්වල පණිවුඩ සඳහා මේ ප්‍රදේශවල ජනයා ඉලක්කගත කණ්ඩායමක් ලෙස එතරම් වැදගත්
නො වන බවට ඇති තක්සේරුවයි.
ලංකාවේ ජිවත් වන හැම මිනිසෙකු වෙත ම අපගේ පණිවුඩය ගෙන
යාමටත් හැම මිනිසෙක් ම අපගේ අරගලයට දිනා ගැනීමටත් (අන්තිමයා වශයෙන් එස්. බී.
දිසානායක මහතා ද ඇතුළු ව!) හැකි නම් එය
ඉතා ම හොඳ ය. එවැනි ප්‍රාර්තනාවන් පවා අපට ධෛර්යයක් බව පිළිගන්නා අතර ම ප්‍රාර්තනාවන්
සහ යතාර්ථය අතර ඇති දුර පිළිබඳ ව අවබෝධය අරගලයක දී අත්‍යවශ්‍යය බව අප අමතක නො කළ
යුතු ය. එනිසා අපගේ ශක්තිය සහ හැකියාව අනුව අපට අපගේ පණිවුඩය ගෙන යායුතු හා අපගේ
අරගලයට දිනාගත හැකි “ජනතාව” තෝරා ගැනීමට සිදුවන බව මගේ අදහසයි. හරියට ම කියනවා නම්
ලංකාවේ පෞද්ගලික රුපවාහිනී නාලිකා සමහර ප්‍රදේශවලට සිය විකාශනයන් ව්‍යාප්ත කිරීමට
වද වෙන්නේ නැති ලෙස ම, අප ද අපගේ ඉල්ලීමට
වඩාත් ම සංවේදී විය හැකි, වඩාත් ම සමීප
විය හැකි සහ ඒ සඳහා රජයට වැඩි ම බලපෑමක් කළ හැකි “ජනතාව” ඉලක්ක කරනවා විනා “ජනතාව”
නම් වියුක්තයක් පිළිබඳ ව වද වීමෙහි එතරම් ප්‍රයෝජනයක් තිබේද යන්න අප විසින් සිතා
බැලිය යුතු ය.
අපට අපේ පණිවුඩය ගෙන යායුතු “ජනතාව” තෝරා ගැනීමට
සිදුවන්නේ ඇයි? “ජනතාව” යයි අප කියන විට එයින් යම් නිශ්චිත සමස්තයක් අදහස් වන්නේ
නැත. උදාහරණ වශයෙන් ළමා අපචාර චෝදනා ලැබ සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිට
පක්ෂ ව “ජනතාව” පෙළපාලි ගියෝය; මහ දවල් මිනීමැරූ
දුමින්ද සිල්වාට සෙත් පතා “ජනතාව” බෝධි පූජා පැවැත්වූහ; FUTA අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට ද “ජනතාව” ඉතා උද්යෝගයෙන් අත්සන්
තබති; මේ කොතනත් ඉන්නේ “ජනතාවය”. ඒ නිසා
“මිනිස්සු/ජනතාව දන්නේ නෑ.”, “මිනිස්සු/ජනතාව නොමග යනවා.”, “ මිනිස්සු/ජනතාව
විරුද්ධයි” වැනි ප්‍රකාශ “මොන ජනතාව ද?” සහ “මොන ප්‍රශ්නයට අදාළව ද?” යන ප්‍රශ්නවලට
අභිමුඛ කළ යුතු ය. මා මෙතරම් විස්තර සහිත ව මේ ගැන ලියන්නේ වෙන කිසිවක් නිසා නො වේ.
අනිද්දා පාන්දරට ඡන්ද ප්‍රතිපල එනවිට අලුත් ගායනයක් ඇසීමට ඉඩ ඇති නිසා ය. එනම්
“ජනතාව” ඉන්නේ රජය සමග බව ය. FUTA අත්සන් දස ලක්ෂයේ පෙත්සමට අත්සන් තැබූ එක්සත් ජනතා නිදහස්
සංධානය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සිටිති.
එනිසා ඡන්දයේදී “ජනතාව” හැසිරෙන ආකාරයෙන් රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවසන්
“ජනතා” මතයක් ප්‍රකාශයට පත්වෙතැයි සිතිය නො හැකි ය. ජනතාව යනු පුද්ගලයන්ගේ එකතුවක්
නම් මේ තනි තනි පුද්ගලයෝ වෙනස් වෙනස් කාරණාවලට අදාළ ව, වෙනස් වෙනස් පුද්ගලයන් සමග
එක්වී, වෙනස් වෙනස් “ජනතාවන්” බවට පත්වෙති.
ඒ අර්ථයෙන් ගත් විට FUTA අරගලය සමග “ජනතාව”
සිටින්නේය යන්න සත්‍යයක් වනවා මෙන්ම FUTA අරගලයට JVPකාරයන්ගේ වැඩක් යයි කියන “ජනතාවක්” සිටින්නේය යන්න ද සත්‍යයකි.
ප්‍රායෝගික උදාහරණයකින් කියනවා නම් ඈත වන්නි ගම් හත්
පත්තුවේ මිනිසුන් අපගේ අරගලය ගැන කියන දේවල් පිළිබඳව වද වීමට පෙර අධ්‍යාපනය හා ඍජුව සම්බන්ධ
වෘත්තිකයන් සහ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින, මත නිෂ්පාදනයෙහි ප්‍රමුඛ
වන, සම වෘත්තිකයන් අතරට අපගේ ඉල්ලීම ගෙන යමින් ඔවුන්ගේ බලපෑම රජය මත ඇති කිරීම
කෙරෙහි අප වැඩි සැලකිල්ලක් දැක් විය යුතු ය. අපගේ වැනි අරගලයක දී අප වටා එක්වන“ජනතාවගේ” ප්‍රමාණයට
වඩා ගුණය වැදගත් බව මගේ නම් අදහසයි. කිසිලෙසකින් වත් මෙයින් අත්සන් දස ලක්ෂයේ
පෙත්සම හෝ පා ගමන් හෝ වෙනත් ක්‍රියාකාරකම් අනවශ්‍යය යන්නක් අදහස් නො කෙරෙයි.
අනිවාර්යයෙන් ම ඒවා තව තවත් තීව්‍ර කළ
යුතුම ය. එහෙත් මුලු රටේම “ජනතාව” එක හඬින් FUTA ඉල්ලීම් අනුමත කරමින් වීදි බසිනු ඇතැයි බලාපොරොත්තු වීමෙහි
තේරුමක් නැත. අප දැනටමත් අපේ අදහස සමාජ ගත කොට අවසන් ය. එය සමාජයේ විවිධ තලවල ක්‍රියාකාරී
මත සම්ප්‍රේෂකයන් අතින් පෙරී සමාජයේ පහළම තට්ටුන් කර ළඟාවීමට යම් කාලයක් අවශ්‍යය
ය. මේ මොහොතේ අපගේ උපාය මාර්ග සකස් විය යුත්තේ
රජයට වැඩි ම බලපෑමක් කළ හැකි “ජනතාව” අප වෙත දිනා
ගනිමින්, අඩු ම කාලයක් තුළ අපගේ මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රජය
යොමු කර වීම ය. අපගේ සමාජ වගකීම පිළිබඳ අප සියලු දෙනාගේ දැල්වෙන උද්යෝගය සැබවින්ම පරික්ෂාවට ලක්වනු ඇත්තේ අරගලයෙන් පසුව ය.
මේ අරලය තුළ හමුවූ මිනිසුන් සහ ගැහැනුන් අරගලයෙන් පසුව ද සටන අත් නො හරිනු ඇතැයි
යන්න පිළිබඳ ව මට නම් ඇත්තේ සුබවාදී බලාපොරොත්තුවකි.
හරියටම හරි. වීරයාට තියෙන තරම් අපහාස කරල අන්තිම මොහොතෙ වීරයාත් එක්ක සමපාත වෙලා අත්පොලසන් දෙන මහජනතාවක් ඉන්නෙ film වල විතරයි. ඔය පොදු ජනතාව දැනුවත් කිරීම මිථ්‍යාවක්. ඒ මොකද කවදාවත් පොදු ජනතාව දැනුවත් නොවන නිසා. අපි කරන්න ඕන නිශ්චිත මිනිසුන් තෝරගෙන ඔවුන්ව සටනට දායක කර ගැනීම. ඒ අතරෙ පුළුවන් තරම් ආණ්ඩුව අභියෝගයට ලක්කරන්න ඕන. අවධානය පැහැරගන්න අවස්ථා හදන්න ඕන. එතකොට මාධ්‍ය ඒව වාර්තා කරනව. එව ජනතාව දකිනව. එයාල ඕන දෙයක් හිතාගත්තාවෙ. ඇත්තටම වෙන්නෙ අවිඥානිකව මිනිස්සු FUTA එකට ගෞරව කරන එක.
ReplyDelete